බ්‍රිතාන්‍යයේ පාළු නිසසල ගමිමානයක සුවිසල් නිවසකි."විනිශ්චයකරුවන්ගේ නිවස" යනුවෙන් ගැමියන් අතර ප්‍රචලිතර මේ සුවිසල් මැදුර බොහෝ කලක් තිස්සේ වසා තැබීම නිසාදෝ දැඩි පාළු පෙනුමක් උසුලයි. නමුත් මේ කියන දිනවල දිවා කාලයන්හි එහි දොර ජනෙල් ඇර තිබෙණු රාත්‍රී කාලයන්හි පහන් දැල්වෙනුද පෙනෙයි. ඊට හේතුව තරුණ ලේඛකයෙකු වන "මැල්කමි" තම නවතම ග්‍රන්ථයක් ලියා නිම කිරීම පිණිස තෙමසකට මෙම නිවස භාරකරුගෙන් කුලියට ගැනීමය.
කලකදී වැරදි කරුවන්ට දරුණු දඩුවමි දීම පිළිබදව ප්‍රසිද්ධව සිටි විනිශ්චයකරුවකු ගේ නිවස වු මෙහි හොල්මන් අවතාර බහුලව ඇතැයි සැක කරන ගමිමුන් දිවා කාලයන්හි හෝ මේ නිවස පසුකර යාමට මැලි වන අතර "මැල්කමි: ටද ඒ පිළිබද අනතුරු ඇගවීමට උත්සුක වුහ. නමුත් හොල්මන් අවතාර පිළිබද මත තරයේ ප්‍රතික්ෂේප කළ මැල්කමි තම කාර්යය බාධා කිරීමකින් තොරව කිරීමට ස්ථානයක් ලැබීම පිළිබදව ප්‍රීතියට පත් වුයේය.
දින කිහිපයක් ගෙවී ගියේය. ඉදහිට රාත්‍රීරයට ඇසෙන මීයන් එහා මෙහා දිවෙන හඩ හැරුණු විට "මැල්කමි" ගේ කාර්යයට බාධා කෙරෙන අන් කිසිවක් නොවීය. විශාල නිවස දැවැන්ත මියන්ගේ පාරාදීසයක් බව නමි මැල්කමි ට වැටහී ගොස් තිබිණ.
ආහාර ගැනීමට අසල වු තානායමට යන මැල්කමි ඉතිරි කාලය ගත කළේ ග්‍රන්ථය ලිවීම පිණිසය. නිවස පිරිසිදු කරදීම පිණිස දිනපතාම උදය වරුවේ පැමිණෙන කාන්තාවද එසේ පැමිණෙන්නේ තමා විසින් ගෙවනු ලබන වැඩි වැටුප නිසා මිද කැමැත්තකින් නොවන බවද මේ වන විට "මැල්කමි" ට පැහැදිලිව වැටහී ගොස් තිබිණ.
වැසි බර රැයක් ආරමිභ විය. දැඩි සුළගක් හමා ගියේ ගත කිලි පොලා යන සීතලයක්ද සමගිනි. "මැල්කමි" තම ග්‍රන්ථය ලිවීමෙහි නිරත වී සිටියද සුළගෙහි හා දැඩි වර්ෂාවෙහි ශබීදය ඹහුට සිත එකග කර ගැනිමට මග අවුරා සිටියේය.
නිවසෙහි විශාල විසිත්ත කාමරයේ පසෙක වු මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වු ජනේලයක් කීප වරක්ම මහ හඩින් ඇරෙනු වැසෙනු ඇසුනු මැල්කමි එම කාමරයට ගියේ ජනේලය වසා දමනු පිණිසය.
දොර වසා තිබු කාමරයේ දොර විවර කොට විදුලි පහන දැල්වු "මැල්කමි" බිත්තියෙහි තැනින් තැන රාමු කර එල්ලු සිතුවමි සහිත කාමරයෙහි ජනේලය තදින් වසා දැමුවේය. ආපසු කාමරයෙන් පිට වන්නට පෙර ඹහුගේ දෙනෙත කාමරයෙහි පසෙක වු සිතුවමක් වෙත එල්ල විය. පැරණි පන්නයේ ඇදුමකින් සැරසී පුටුවක වාඩිවී සිටින ප්‍රභූවරයා දැඩි රළු මුහුණකින් යුතු වු අයෙකි. සිතුවම දෙස බැලු ඹහු දොර අසලට ගියේ කාමරයෙන් පිටවිමටය. දොර අසලදී ආපසු හැරී බැලු ඹහු නෙත ගැටුණු දර්ශනයෙන් විමතියටත් භීතියටත් පත්විය. සිතුවමෙහි වු ප්‍රභූවරයාගේ රුව අතුරුදහන් වී තිබුණු අතර ඒ මත දිස් වුයේ විශාල ලේ පැල්ලමකි.
කර කියා ගත හැකි දෙයක් සිහි නොවු "මැල්කමි" වහා කාමරයෙන් පිටවී හඩ නගා දොර වසා දැමුවේය. ඊ ළග මොහොතේ නෙත ගැටුනු දර්ශනය ඹහුගේ බිය දෙගුණ තෙගුණ කළේය. තම සියොළග වෙවිලනුත් නළලට දහදිය උනනුත් "මැල්කමි" ට දැනිණ.
විසිත්ත කාමරයේ වු කැටයමි සහිත විශාල පුටුව මත සිතුවමෙහි වු ප්‍රභූවරයා වාඩි වී සිටියේ ගිනි පුළිගුවන් වියරු දෙනෙතින් "මැල්කමි" දෙස බලමිනි. දැඩි කුරිරු බවක් රැදුණු ඹහුගේ බැල්මෙන් භීතියෙන් මුසපත් වු "මැල්කමි" ගේ බැල්ම ප්‍රභූවරයාගේ සුරතෙහි වු තොණ්ඩුවක් සහිත රැහැන වෙත යොමු විය.
ඊළග මොහොතේ පියවර කිහිපයක් පිටුපසට තැබු තරුණයා පසු පස නොබලා දිවගොස් නිවසේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පැන්නේය. ඹහු නැවත නිවස දෙස හැරී බැලුවේ යාර කිහිපයක් දිව ගිය පසුය. ඹහුගේ මහත් සැනසුමට මෙන් ඹහු බලාපොරොත්තු වු පරිදි පිටුපසින් හඹා එන අවතාරයක් නොවීය.
අදුරු පාර දිගේ දිව ගිය "මැල්කමි" නතර වුයේ තානායමේ ආලින්දය තුළය. තම අත්දැකීමි විස්තර කිරීමට තරමි සිහි එළවා ගැනීමට ඹහුට තවත් පැය භාගයක් පමණ ගතවිය. ඹහු සනසවා නිදා ගැනිමට කාමරයක් පිළියෙල කරදුන් තානායමි හිමියාත් ඹහුගේ බිරිදත් සියල්ල විස්තර කළේ පසුදාට පහන් වු පසුවය.
"අපි මහත්තයාට කිවිවනෙ ඹය ගෙදර නතර වෙන්න එපා කියලා. ඹය ගේ මහා භයානක තැනක්. මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඹය ගේ අයිති වෙලා තිබිලා තියෙන දරුණු විනිශ්චයකාරයාගේ රූපෙ තමයි ඒ කාමරේ තියෙන සිතුවමමේ තියෙන්නේ. ඹය මිනිහට බලය තිබුනු දවස් වල සුළු වැරදි වලට පවා එල්ලලා මරන්න නියම කරපු මිනිසුන්ගේ ගණන නිමත් නැහැලු. ඹය වගේ පවිකාර මිනිස්සු ලේ තැවරුණු දෑත් පිටින්ම මැරුණාම උන්ගේ ආත්ම වලටත් නිදහසක් නැහැ මහත්මයා. මරණින් මතුත් පුරුදු පවිකාර ජිවිකයම තමයි උන්ගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ" තානායමිකරුවා විස්තර කළේය.
"තාත්තේ , අම්මේ මවා බේරා ගන්න ආච්ච් අම්මා මගේ බෙල්ල මිරිකනවා."
කුඩා දැරියගේ මරලතොනිය නිවස පුරා පැතිරිණ. ඒ සමගම ඈ උගුර යටින් ගොර ගොර හඩක් නිකුත් කළාය. දැරියගේ මවත් පියාත් කාමරයට දිව ගියහ. ඹවුන් දුටුවේ ගෙලෙහි ඇගිලි පහරවල්ද සහිතව මිය ගොස් සිටින තම සිගිති දියණියයි. ඇගේ ගෙල මිරිකා දමා තිබිණි.
මේ ගමක් බිය ගැන්වු "ලෙකී" මහත්මියගේ අවතාරය විසින් සිදු කරන ලද බිහිසුණුම ක්‍රියාවයි.
දහඅටවැනි ශත වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ සොමර් සෙටි ග්‍රාමයේ ජිවත් වු "ලෙකී" මහත්මිය ඉතාමත් කරුණාවන්ත මහළු කතක් වුවාය. තම එකම පුත්‍රයාත් ලේලියත් කුඩා මිණිපිරියත් සමගය ඈ වාසය කළේය. ඈ ගේ කරුණාවන්ත ගතිගුණ නිසා අසල්වැසියෝ ද ඇයට බෙහෙවින් ඇලුමි කළෝය. දිනක් ලෙකී මහත්මිය සමග කතා කරමින් සිටි අසල්වැසි කාන්තාවක් මෙසේ කීවාය.
"ඹබ වගේ කරුණාවන්ත ගැහැණියකගේ අගය කවද හරි අපට හරියටම තේරෙන්නේ ඹබ නැති දවසකටයි."
මෙයට "ලෙකී" මහත්මිය දුන්නේ පුදුම එලවන සුළු පිළිතුරකි.
"ජිවත්ව ඉන්න මාව ඹබට ප්‍රිය වුනාට මා මිය ගියාට පසු මාව දකින එක හෝ කතා කරන එක ඹබට ප්‍රියජනක වන්නේ නහැ."
"අසල්වැසි කාන්තාව උපහාසාත්මකව සිනාසුණාය. ඹබ මිය ගියාට පසුව අපි කොහොමද ඹබව දකින්නේ? කතා කරන්නේ?"
"හොදයි බලමුකෝ ලෙකී මහත්මිය කීවාය."
"ලෙකී" මහත්මියගේ මරණයෙන් පසු අවමගුල් කටයුතු සිදු කරන ලදි. ගමි වැසියෝ ඇය වෙනුවෙන් අවංකව වැළපුණාහ. "අපි අයෙ කවද මේ තරමි කරුණාවන්ත ඇය දකින්නද?" කදුළු සලමින් ඹවුහු පැවසුහ.
එහෙත් ඉක්මනින්ම ඹවුහු ඇයව දුටුවෝය.
*********
දිනක් ගමේ දොස්තර මහතා හිරු රැසින් නැහැවෙන සුන්දර උදෑසනක කුඹුරු යායක් මැදින් ගමන් කරමින් සිටියේය.මගදී හමු වු මහළු කාන්තාවකට සුබ උදැසනක් පැතු ඹහු අගලකින් පැන ගැනිමටත් ඇයට උපකාර කළේය. හදිස්සියේම දොස්තරට විශාල අමුත්තක් දැනිණ.මහලු කතගේ මුහුණ පරීක්ෂාකාරීව බැලු ඹහුට ඇය කතා කරන විට ඇගේ දෙතොල නොසෙල්වන බවත් ඇය හිස පසකට හැර වු විටත් ඇගේ දෙනෙත් තමාගේ දෙසට ඹරවාගෙන සිටින බවත් පෙණින. මෙයින් මදක් තැති ගත් දොස්තර මහතා වහා ඇය මගහැර ඉදිරියට වේගයේන් ඇවිද ගියේය. එහෙත් ඊළග මොහොතේ තමා ඉදිරියේ දිස් වු දර්ශනයේන් ඹහු පුදුමයට පත්විය.
ඉදිරියෙහි වු කඩුල්ලක් මත මහළු කාන්තාව වාඩි වී සිටියාය. තමා පසු නොකොට කිසිවෙකුට ඒ කඩුල්ල අසලට යා නොහැකි බැවින් දොස්තර මැදිවුයේ විසදාගත නොහැකි ගැටලුවකටය.
දොස්තර මහතා කඩුල්ල අසලට පැමිණී විටත් මහළු ගැහැණිය කඩුල්ල මතින් ඉවත් නොවී ඹහුගේ පාර හරස් කරමින් සිටියාය.
"කරුණාකරල මට එහා පැත්තට යන්න ඉඩ දෙන්න" දොස්තර පැවසුවේය.
"මම කැමති නෑ ඹබ එහා පැත්තට යනවට"
"ඒක මහ පුදුම කතාවක්නේ. කරුණාකරල මට යන්න ඉඩ දෙන්න"
හඩ නගා සිනාසුණු ඇය ඉවත් නොවීම සිටියාය.
"ඹබට කඩුල්ලෙන් පනින්න මම උදවි කරන්නද?" දොස්තර ඇසුවේය.
"මම දැනටමත් ඉන්නේ එහා පැත්තේ තමයි"
මහළු කත සමග වාග් සංග්‍රාමයෙන් විඩාවට පත් වු දෙස්තර මහතා ඇය පසෙකට තල්ලු කර දමමින් කඩුල්ලෙන් එහා පැත්තට පැන්නේය. ඒ සමග මහළු ගැහැණිය ශක්තිමත් පා පරක් එල්ල කර බැණ වැදුණාය.
"මහළු කාන්තාවන්ට ගරු කරන්න ඉගෙන ගනින්"
මේ අතරේමිය ගිය ලෙකී මහත්මිය නැවත ගම වටා සැරි සරන බවට කට කතාවක් පැතිරිණි. ගමිමානයට නුදුරින් වු තොටුපල අසල සිටගෙන සිටින ඇය ඈත පෙනෙන බෝටිටු වල සිටින අයට කතා කරන්නීය. ඇයට එගොඩ වීමට බෝටිටුවක් ගෙන එන ලෙසකියමින් පරුෂ වචනයෙන් බෝටිටු කරුවන්ට බැණ වදින්නීය. මුළින් දිනවල ඇය හදුනා නොගත් බෝටිටු කරුවන් ඇය අසලට ගිය පසු ඹවුන්ට ශාප කරමින් බෝටිටුව නැවත රැගෙන යන ලෙසට ඇය තර්ජනය කරයි.
පසු කාලයේ බෝටිටු කරුවෝ ඇගේ කෑ ගැසීම ගණන් නොගත්හ. එවිට ඇය වඩාත් කෝපයෙන් වියරු වැටි ඹවුන්ට ශාප කරමින් බැණ වදින්නීය.
ජීවත්ව සිටි කාලයේ ලෙකී මහත්මිය සිය එකම පුත්‍රයාට දැඩි සෙනෙහසක් දැක්වුවාය. නමුත් මියගිය පසු ඇය ක්‍රියා කළේ ඹහු තම පරම සතුරෙකු ලෙස සලකාය.
තරුණ ලෙකී ව්‍යාපාරිකයෙකි. අයර්ලන්තය සමග වෙළද සමිබන්ධකමි පැවති බැවින් ඹහු තම භාණ්ඩ එංගලන්තයේ සිට අයර්ලන්තය කරා පිටත් කළේ නැවි මගිනි. පුත්‍රයාගේ පළිගැනිමට මාන බලමින් සිටි ලෙකී මහත්මියගේ අවතාරයේ මුල්ම පියවර වුයේ මෙම නැවි මුහුදු බත් කරවීමයි.
වරාය කරා ළං වන ලෙකී ගේ නැවි දකින මහළු ගැහැනිය වරායේ සිට කටින් සිවුරුහන් කරයි. එවිට එක්වරම නිශ්චල පරිසරය කැළඹෙයි. දැඩි සුළගක් හමා වෙළද භාණ්ඩ රැගත් නැව මුහුදු බත් වෙයි. මෙලෙස නැවි ගණනාවක් විනාශ වීම නිසා තරුණ ලෙකී ගේ වෙළදාම ද පිරිහුනේය.
ලෙකී ගේ භාණ්ඩ රැගෙන යන නැවි වලට අත්වන අභාග්‍ය සමිපන්න ඉරණම දන්නා නැවි හිමියෝද ඹහුට නැවි කුලියට නුදුන්ණෝය. අළුතෙන් වෙළද භාණ්ඩ මිලට ගැනීමට ඹහු අත මුදල් හිග විය.
පුතාගේ වෙළදාමේ පරිහානියෙන් නොනැවතුණු මහළු කාන්කාව ඹහුගේ නිවසද ආක්‍රමණය කළාය. පුත්‍රයා හැරුණු විට නිවසේ අනෙක් සියල්ලන් හමුවේ විටින් විට ඇය දෘශ්‍යමාන වුවාය. මේ නිසා ලෙකී නිවසේ සියල්ලන්ම කල් ගත කලේ සංත්‍රාසයෙනි.
ඇතැමි රැයක නින්දට යාමට සුදානමි වන තරුණ ලෙකී යුවලගේ කාමරයේ මහළු කත දිස්වෙයි. නමුත් ඇව පෙනෙන්නේ බිරිදට පමණකි.
"අන්න ඹයාගේ මව අපිත් සමග කාමරයේ ඉන්නවා" කියමින්ඇය බියපත්ව කෑ ගසන්නීය. ගෙතුළ දිස්වෙන අවතාර දර්ශන නිසා ලෙකී පවුල කාලය ගතකළේ මහත් අසහනයෙනි.
මෙම සිදුවිමි සියල්ලෙහි උචිච අවස්ථාව වුයේ මුලින් සදහන් කළ කුඩා දැරියගේ මරණයයි. දියණියගේ අවමගුලෙන් පසු ලෙකී යුවල කල්ගත කළේ උමතු වුවන් ලෙසිනි. මිය යාමට පෙර මහළු ලෙකී මහත්මිය කියු පරිදිම ඇය කාගෙත් අප්‍රසාදයට පත්වෙමින් හුන්නාය.
දැරියගේ මරණයෙන් පසු දිනක් ඇගේ මව කැඩපත ඉදිරියට වී දුක්දුසු මුහුණෙන් යුතුව තම හිස පීරමින් හුන්නාය.
එක්වරම ඇගේ උරහිසට උඩින් කැඩපතෙහි දිස් වුයේ මියගිය ලෙකී මහත්මියගේ රුවයි.
"ඇයි අමිමා අපට මෙහෙම දුක් කරදර දෙන්නේ" නිරායාසයෙන්ම තරුණ කාන්තාවට කියවිණ.
"අපි මීට පස්සෙ සාමයෙන් ඉමු. මම ඹබලාට කරදර කරන්නේ නෑ" බෙහෙවින් පසුතැවිලි වන හඩකින් අවතාරය පිළිතුරු දුන්නාය.
මොනවද අමිමට අපෙන් ඹිනැ කරන්නේ නැවතත් තරුණ කාන්තාව ඇසුවාය. අවතාරයෙන් පිළිතුරක් නොලැබුණි. එය නොපෙනී ගියේය. ඉන්පසු මහළු කාන්තාව තම පුතාට හා ලේලියට කරදර නොකළාය. නමුත් ඉතාමත් දිලින්දන් ලෙස තම එකම දරුවාද අහිමි වු තරුණ යුවළ මිය යන තෙක්ම ජීවත් වුයේ දුක් සුසුමි මැදය.
ඹවුන්ගේ මරණයෙන් බොහෝ කලක් ගතවන තුරුත් "ලෙකී" මහත්මිය ගම පුරා හොල්මන් කළාය. ඇතින් එන නැවි විනාශ කළාය. ගම පුරා සැරි සරන මහළු ආත්මය පිළිබද පැහැදිලිවම නිර්වචනය ඉදිරිපත් කළේ ගමේ දේවස්ථානයේ තරුණ පුජකයාය.
"ලෙකී" මහත්මිය තුළ සැගවුනු කුරිරු ගති තිබුණා. නමුත් ඇය ඒවා සගවාගෙන ඉතාම කාරුණික තැනැත්තියක් ලෙස ජීවත් වුණා. ඇය දැඩි ආගමානුකුල ජීවිතයක් ගත කිරීමටත් මීට එක් හේතුවක්. ඇගේ යහපත් ගතිගුණ නිසා මිනිස්සු ඇයට ප්‍රශංසා කළා.තමාගේ පියවි ස්වරූපයයෙන් ජීවත් විමට නොහැකි වු ඇය වෙස් මුහුණක් පැළදගෙනයි මිනිස් ලෝකයේ හිටියේ. මරණයෙන් පසු ඇගේ ආත්මය රිසි පරිදි ජීවත් වෙන්න නිදහස ලබා ගත්තා.
දෙසැමිබර් මාසයේ එක් ශිතල උදෑසනක සුපුරුදු පරිදි "රැබී" තම වෙළද සැල තුළට වී පාවහන් යුවළක් තනමින් සිටියේය.
හරියටම හෝරා යන්ත්‍රය උදෑසන අට නාද කරනවාත් සමග වෙළද සැළට පැමිණි අමුත්තෙකි. ශීතල හා මීදුම නිසා අදුරු පැහැ ගත් වීදිය අතරින් මතුව ආ අමුත්තා වෙළද සැල තුළට විත් දොර වසා දැමුවේය.
මොකක්ද උවමනාව මහත්මයා ? "රැබී" විමසුවේය.
අමුත්තා මොහොතක් නිහඩවම වියළි බැල්මකින් යුතුව "රැබී" දෙස බලා සිටියේය. "ඹබ වැඩ කරන හැටියි මම බලාගෙන හිටියේ ඹබ ඉතා සීරුවට වැඩ කරනවා. සපත්තු හදන්න පටන් අරන් ගොඩක් කල් වෙනවද?" අමුත්තා රළු හඩකින් විමසුවේය. වැඩ අධික උදෑසන අනවශ්‍ය අමුත්තන් පැමිණිම සාමාන්‍යයෙන් "රැබී" නොරුස්සයි. එම නිසා ඹහු පිළිතුරු දුන්නේ ඹිනැවට එපාවට මෙනි.
"මුලින්ම මෙතැනදීම මගේ තාත්තාට අත් උදවි දෙනකොට මට වයස අවුරුදු 10 යි. අවුරුදු 26 ක් මම කළේ පාවහන් හැදීම".
"ඇත්තටම?" අමුත්තා විශ්මය පළ කළේය.
"එහෙනමි ඹබත් ඹහුගේ අඩි පාරේ යනවා වගේ" මේ කියමනත් සමගම අමුත්තා වියරු සිනහවක් පෑවෙන් "රැබී" මදක් නොසන්සුන් වුවේය. උවමනාවෙන් ඹහුගේ මුහුණ දෙස බැලු "රැබී" ට ඹහුගේ මුහුණ බෙහෙවින් සුදුමැලි බව පෙනිණි.
"ඹබට යමක් මිලදී ගන්න තියනවාද?" අමුත්තා පිටු දකින රිසියෙන් "රැබී" විචාළේය.
"ඹබ හදන සපත්තු කුටිටම හරි අගෙයි.ඒක විකුණනවද?" අමුත්තා ප්‍රශ්න කළේය.
"මේ සපත්තු කුටිටමේ එක සපත්තුයි මම දැනට ඉවර කරලා තියෙන්නෙ අනිත් සපත්තුව ඉවර වෙනකොට හෙට දවල් වෙයි. සපත්තු කුටිටම නමි සිලිං අටක් වෙනවා"
"හොදයි මම ඒක මිලයට ගන්නවා" අමුත්තා කීවේය.
කෙසේ නමුත් "රැබී" සාද නිම කළ සපත්තුව අමුත්තා වෙත පෑවේය. පැළදගෙන හුන් ඉතා පරණ වී ගිය දුඹුරු පැහැති සපත්තුව ඉවත දැමු අමුත්තා අළුත් සපත්තුව පැළද ගත්තේය.
"මම කිවිවෙ ඒක මගේ කකුළට හරියටම හරි.මෙතන සිලිං අටක් තියෙනවා. ඉතුරු සපත්තුව ගෙනියන්න මම හෙට දවල්ට එනවා" අමුත්තා පැවසුවේය.
"එහෙම නමි හෙට හවස හතරට විතර එන්න." අමුත්තාගේ අද්භූත හැසිරීමෙන් විමතියට පත්ව සිටි "රැබී" කිවේය. ඹහු තවත් පුදුමයට පත්කරවමින් එක් පයකික් ගලවා ගත් පැරණි සපත්තුව සාක්කුවෙහි ලා ගත් අමුත්තා එක් කකුලක අළුත් සපත්තුවත් අනික් කකුලෙහි පරණ සපත්තුවත් සමග නික්ම ගියේය.
තම අත්ල මත අස්වාභාවික ලෙස දිළිසෙන කාසි කිහිපය දෙස බලමින් "රැබී" කල්පනාවට වැටුණේය. ඒ සමගම අගනා පාවහන් ජෝඩුව වෙනුවෙන් සිලිං දහයක් අය කළා නමි වඩා හොද බව සිතමින් ඹහු මුදල් පොකැටිටුවේ ළා ගත්තේය.
එක්වරම වෙළදසැල වෙත ගලා ආ දැඩි ශීතලත් "රැබී" ට දැණින.ගිනි උදුන දැල්වෙද්දී දැණෙන දැඩි ශීතල පිළිබදව "රැබී" විමසිලිමත් වුවද ඊට හේතුව සොයා ගැනිමට ඹහුට අපහසු විය. ඒ අතරම පෙර පැමිණි අමුත්තාගේ අත්භුත හැසිරීම නැවත ඹහුට සිහි වු අතර පසුදා සවස ඹහු ආපසු එන විට සපත්තුව නිම කර නොතිබුණහොත් උද්ගත විය හැකි තත්ත්වය පිළිබදව දැඩි බියක් ද රැබී ට දැනෙන්නට විය. ඹහු වහාම සපත්තුව තැනීම ආරමිභ කළේය.
ඒ සමග නොපුරුදු ශීතල තමා අසල දැවටෙන්නට වුයේ අමුත්තාගේ පැමිණීමත් සමගම බව ඹහුට කල්පනා විය. අද්භුත බලවේගයක් තමා වටා කැරකෙන්නාක් මෙන් "රැබී" ට දැණිනි. මේ අද්භුත බලවේගය විසින් මෙහෙයවන ලැබු රැබී කබාය හා තොප්පිය පැළදගෙන ශීතල වීදියට බැස්සේය.
තමා හමුවට ආ අමුත්තා පසුපස හඹා යාම ඹහුගේ අභිලාශය විය.
සුළු මොහොතක් ගෙවෙන තැන තමා ඉදිරිපසින් නැගෙන පාවන් හඩ "රැබී" ගේ සවන පතිත විය. පාළු මගෙහි පැතිර ගත් මීදුම අතරින් වුව ද තමා ඉදිරියෙන් ඇදෙන අමුත්තා හදුනාගැනිම "රැබී" ට අපහසු නොවීය.
පසුපස නොබලා සුසාන භුමියෙන් දිව ගිය "රැබී" ඒ අසල වු මිතුරෙකුගේ දොරට තටිටු කළේ අසිහියෙනි. සිදු වු සියල්ල පැවසු "රැබී" ඒ අසල වු වෙනත් අසල්වැසියන් කිහිප දෙනෙකුද කැටුව සුසාන භුමියට දිව ගියේය. සිදු වු සියල්ල යන අතරමගදී "රැබී" පැවසු බැවින් උදළු ගල්කටු ආදිය රැගෙන ගිය පිරිස රැබී විසින් පෙන්වන ලද වල හාරන්නට වුහ.
සියල්ලෝම භීතියට පත් කරමින් "රැබී" දුටු අමුත්තාගේ සිරුර පෙටිටියකින් තොරව වල තුළ තිබිණ. නොඅනුමානව ඹහු මියගොස් සිටියේය. "රැබී" ගෙන් මිළදී ගත් සපත්තුව පවා ඹහුගේ පයේ රැදී තිබිණ. මෙම කලබලය මැද්දේ "රැබී" එම සපත්තුව සිරුරේ කකුලෙන් ගලවා ගත්තේය. එය එසේ තිබෙන්නට හැරීම නාස්තියක් කොට සලකමිනි.
අද්භුත සිදුවීම පිළිබදව නොයෙකුත් මත පළකරමින් පිරිස විසිර ගිය අතර මෙම සිදුවිම තම නිවෙස් වල උදවියට නොපැවසිය යුතු බවටද ඹවුහු ගිවිස ගත්තේ විශේෂයෙන් කාන්තාවන් අනවශ්‍ය බියක් ඇති කර ගන්නා බව නිසැක නිසාය.
පසු දා දහවල් අහාරයෙන් පසු තරමක් අසනීප ගතියෙන් පෙළෙන්නට වු "රැබී" ගේ බිරිද නින්දකට වැටී සිටී අතර රැබී සුපුරුදු පරිදි පාවහන් තැනිමෙහි නිරතව සිටියේය.
ඒ බියකරු මොහොතේ "රැබී" අත්දුටු දෙය පිළිබදව නිවැරදි ව පවසන්නට අන් කිසිවෙකු නොවුවද දින කිපයක් ඇතුලත "රැබී" ගේ මිතුරන් මාර්ගයෙන් ගම පුරා පැතිර ගිය කතා වේ අවසානය වුයේ නියමිත වේලාවට "රැබී" ගෙන් ඉතිරි සපත්තුව පමණක් නොව තමාගෙන් ගලවා ගත් සපත්තුවද ගෙන යැමට අද්භුත මිනිසා ආපසු පැමිණි බවය.