.....කලුවර අඩවිය....

(No1 Ghost Provider In Srilanka)


එංගලන්තයේ යෝක් ප්‍රන්තයෙහි පිහිටි වෙළද සැලක් තුළ රාක්ක වල අසුරා තිබු ක්‍රීමි පියර හා වෙනත් ආලේපන හිටි හැටියේ පියඔ යන්නට පටන් ගත්තේය.බරින් වැඩි විශාල ෂැමිපු බොතල් පවා පුළුන් මෙන් පාවි බිම පතිත විය. කිසිදු හානියක් නොවී ඒවා බිම පතිත විය.
තවත් දිනෙක රාත්‍රියේ වෙළදසැලක් තුල ගින්නක් පිළිබදව අනතුරු හැගවි‍මේ සිනුව නාද වියග එවිට දිව ආ ගිනි නිවන භටයන්ට දැක ගන්නට ලැබුණේ ඉබ්බෙකු දමා වසා ඇති වෙළදසැල තුළ අනතුරු හැගවීමේ සිනුව රදවා අති තැන වීදුරුව කිසිවෙකු විසින් බිද දමා අති බවය.
දෙසතියක් පුරා මෙබදු අත්භුත සිදුවිමි වෙළදසැළ තුල ගහණ විය.අනතුරුව ඒවා ක්‍රමයෙන් අඩු වී ගියේය. වෙළද සැල තුළ අවතාරයක් සැරි සරන බවට රාවයක් සැම තැනම පැතිර ගොස් තිබිණි. මෙය පෝටගයිස් යනුවෙන් ජර්මන් බසින් හැදින්වෙන කලහකාරී භූත වර්ගයේ එකෙකු බව ද ඒ සමග සදහන් විය.
දුරාතීතයේ සිටම නිවසේ වල හා ව්‍යාපාරික ස්ථාන වල සැරි සැරූ මෙම අවතාර දෙර ජනෙල් වලට තටිටු කිරීම,භාණ්ඩ පියාඔා යැවීම,ලාවීවු ඇර දැමිම බිත්ති අතරින් භාණ්ඩ එහා මෙහා යැවීම වැනි අත්භූත සිදුවිමි මගින් මිනිසුනට කරදර කරන බව ද කිය‍වෙ.
යෝක් හි වෙළද සැල තුල අත්භුත සිදුවිමි නතර වනවාත් සමග ‍මෙම අවතාරය සැරි සරන්නට වුයේ පැඩිගෙටි පවුල පදිංවීව හුන් නිවසෙහිය.රාත්‍රී කාලයන්හි පැඩිගෙටි නිවසේ සිනුව අදෘඹශ්‍යමාන හස්තයකින් නාද දෙන්නටත් පිය ගැට පෙළට තටිටු කරන්නටත් විය. අවසානයේ ඔවුහු නිවස අතහැර ගියහ.භූතයා නිවසේ රජ කරන්නට විය
තවත් නිවසක කලහකාරී භූතයා ගේ අවඩානය යොමු වී තිබුණේ බිත්තියෙහි වු ඔරලෝසුවක් වෙතය. ඔරලෝසුව විටින් විට එහා මෙහා පැද්දෙයිග මෙි හැරුණු විට නිවස තුළ කිසිවකු අ‍විදින හඩ හා බිත්ති වල වැදෙන හඩ ඇසෙන්නට විය.
මෙම අවතාරය රැදී සිටි තවත් නිවසකට ආ අමුත්තකුට තමා වෙත පිරි නැමු තේ කෝප්පය බීගෙන යද්දි එහි අඩිය තුළ තිබී හමු වුයේ ඉදිරි පස දෙරේ යතුරය.තවත් රැයක් තුළ නිවසේ ලී බඩු මුනින් අතට හරවා විසුතුරු භාණ්ඩ බිද දමා තිබිණ. තැන් තැන් වල වාඩි වී මුසපත්ව සිටි නිවැසියන්ට එකවරම තම හිස් හරහා විදුලි සැරක් යනු දැනිණි.
පසු කලයක තටිටු නිවාසයක් බවට පත් කරන ලද පැරණි විශාල නිවසක් තුළ රාත්‍රී කාලයට දෙදෙනෙකු දබර කර ගන්නා හඩක් පියගැට පෙළ දෙසින් ඇසෙන්නට වුයේ තටිටු නි‍වාසයන් හි පදිංචි කරුවන් භීතියටත් විශ්මයටත් පත් කරවමිනි. නමුත් පියගැට පෙළෙහි කිසිවකු පෙනෙන්නට නොවීය. ඒ අතර එක් රුයක ඉදිරි පස දෙර එකවර ඇරෙන්නටත් වැසෙන්නටත් විය භූතයා ද ඉන් පසු ව නිහඩ විය. මෙම කලහකාරී භූතයන් කලකට පෙර මිය ගොස් නිදහස නොලැබු පුද්ගලයන්ගේ ආත්මයන් බවත් ඔවුන් ජිවත් වන පුද්ගලයන් කලබලයටත් භීතියටත් පත් කර ඔවුන් ගේ දගකාර අශාවන් සපුරා ගන්නා බව අවතාර පිළිබද පර්යේෂණ පවත්වන්නවුන් ගේ මතය වේ..............

Categories:

1 Response for the "එලොවින් මෙලොවට විත් මිනිසුන් බිය ගන්වන කලහකාරී භූතයෝ"

  1. Unknown says:

    කලහාකාරී බූතයෝ... මාතෘකාට ගැලපෙනම බූතයෝ දෙන්නෙක්.

Post a Comment